දෙනගම සිරි විජයාරාම චෛත්‍යට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් චූඩාමාණික්‍ය සහිත කොත්වහන්සේ පූජා කිරීම

හක්මන දෙනගම සිරි විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යට චූඩාමාණික්‍ය සහිත කොත්වහන්සේ පූජා කිරීමේ මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මියන්මාරයේ මින්ඩොන් රජ දවස ඉදි කළ පෞරාණික විහාරස්ථානයකින් තෙ වැඩිදුර >>

සපරගමු මහ සමන් දේවාලයේ අභිනව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට අග්‍රාමාත්‍යතුමා පළමු මල් පූජාව පවත්වයි

ඓතිහාසික සපරගමු මහ සමන් දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් තැන්පත් කළ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ පළමු මල් පූජා පිංකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දින පැවැත්විණි.
රත්නපුර ශ්‍රී සුමනාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය කරවිට උපනන්ද නාහිමියෝ මෙහි ද වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමා සමාරම්භ කළ වයඹ විශ්වවිද්‍යාලයීය නගර සංවර්ධන ව්‍යාපෘතිය

සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල නගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින සමාරම්භ විය.
කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ පැවැති උත්සව සභාවට අරලියගහ මන්දිරයේ සිට ම වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමා, අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාගේ දේහයට අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වූවේය.
කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අග්‍රාමාත්‍යතුමා, එතුමාගේ පවුලේ සමාජිකයන්ට සිය ශෝකය ප්‍රකාශ කළේය.
 වැඩිදුර >>

දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිකර අග්‍රාමාත්‍යතුමා පහන් දල්වයි

දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පහන් දැල්වීය.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ද අග්‍රාමාත්‍යතුමා සමඟ එක්ව පහන් දල්වමින් සුනාමියෙන් මියගිය  වැඩිදුර >>

ගරු අග්‍රාමාත්‍යතුමාගේ නත්තල් පණිවුඩය - 2021

සාමයේ හා ප්‍රේමයේ සළකුණ මිහිමත තැබූ උතුම් නත්තල ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්තිය සිහිගන්වයි.
දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ මානව ගරුත්වය මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට විශ්වාසනීය පදනමක් විය.
බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ගවඔරුවක උපන් ජේසු බිළිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය වැඩිදුර >>

තමන් මරණයට පත්කරන මිනිස්සුන්ටත් වෛර නොකළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට අපූරු පාඩමක් කියා දුන්නා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මතදී පවා තමන් මරණයට පත්කරන මිනිස්සුන්ට වෛර නොකරමින් අපූරු පාඩමක් ලෝකයට කියා දුන්නා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානය මුල්කර ගනිමින් කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවති 2021 රාජ්‍ය නත්තල්  වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් "නාවලර් වර්ෂය” ප්‍රකාශයට පත්කරයි

දමිළ හින්දු සම්ප්‍රදායන් නගාසිටුවීමට සිය ජීවිතය කැප කළ ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් තුමන්ගේ 200 වැනි ජන්ම සංවත්සරය යෙදෙන 2022 වසර "නාවලර් වර්ෂය" ලෙස ප්‍රකාශයට පත්කොට පිළිගැනීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
බුද්ධශාසන ආගමික හා  වැඩිදුර >>

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන අගය කරයි

මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ඊයේ (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූවාය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ක්‍රියාවලිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් මෙම හමුවේ දී සාකච්ඡ වැඩිදුර >>

නිවසක් නැතිව උපන් බිමේ බෝඩිංකාරයන්වන යුගය නිමා කළ යුතුයි - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

නිවසක් නැතිව උපන් බිමෙහි බෝඩිංකාරයන්වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් අටසීයකට නේවාසික පහසුකම් සැළසීම සහ කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේ දී ඉවත් කළ ජනතා වැඩිදුර >>

සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
වසර 35 ට වැඩි කාලයක් වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ නියැලෙමින් වැඩකරන ජනතාව වෙනුවෙන් සේවයට කැප වූ කම්කරු නායකයින් සහ රාජ්‍ය සේවයේ යෙදෙමින් කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා  වැඩිදුර >>

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට ලොජිස්ටික් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹෙයි

• හම්බන්තොට වරායේ ඉදිකිරීම් අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට
• ලක්ෂ 5ක වාර්තාගත වාහන හැසිරවීම සංකේතවත් කරයි
• ඩොලර් මිලියන 600ක ටයර් කර්මාන්ත ශාලාවකුත් ඉදිවෙයි
• ලුණුගම්වෙහෙර “බලාපොරොත්තුවේ ගම්මානය”ලෙස සංවර්ධනයට

"මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය" පරිශ්‍රයේ ප්‍රථම  වැඩිදුර >>

තානාපතිවරුන්ගේ නත්තල් සුහද හමුව

මෙරට තානාපති හා මහ කොමසාරිස්වරුන් වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සංවිධානය කළ නත්තල් සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ (12) රාත්‍රීයේ දී කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම සුහද හමුවට විශේෂ වැඩිදුර >>

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා සහ අග්‍රාමාත්‍යතුමා අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමා අද (11) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ලොව පුරා වෙසෙන මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවට නායකත්වය දෙනු ලබන්නේ ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමාය.
තම වැඩිදුර >>

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්ගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කරයි

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්ගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.
කීර්තිමත් යුධ සෙනවියකුවන ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත්,ඔහුගේ බිරිඳ මධුලිකා රාවත් වැඩිදුර >>

පොළොන්නරුව සොළොස්මස්ථාන පූජා භූමිය කඩිනම් සංවර්ධනයට පියවර

පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
පොළොන්නරුව ඓතිහාසික සොළොස්මස්ථාන පූජා භූමි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ සා වැඩිදුර >>

ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයක් ජපානයට ගෙන්වා ගැනීමට උනන්දුවන බව නව ජපාන තානාපතිගෙන් අග්‍රාමාත්‍යතුමාට සහතිකයක්

ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසිකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා අද (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළේය.
පසුගිය වසර කිහිපය තුළ අඩු නිපුණතා සහ නිශ්චිත පු වැඩිදුර >>

පහේ ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් 9000කට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ශිෂ්‍යත්ව ප්‍රදානයට අග්‍රාමාත්‍යතුමා මුල්වෙයි

දෙදහස් විස්ස වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ දූ දරුවන් 9000කට ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාළ පළමු අදියරේ මුදල් චෙක්පත් ප්‍රදානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
පළමු අදියර යට වැඩිදුර >>