Sinhala Fonts Tamil Fonts
 
 
 
 
 
 
මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ශ්‍රී ලංකාව “ආසියාවේ ආශ්චර්යය” බවට පත්කිරීමේ වැඩපිළිවලට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ආර්ථික සංවර්ධනයත් සමඟ උත්තරීතර සමාජයක් උදෙසා ශ්‍රී ලාංකීය ජනසමාජය තුළ යහපත් ආකල්ප වර්ධනය කිරීමේ” වැඩසටහන
 
01.සංකල්පය
මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් පරිදි මිනිසා භෞතික වශයෙන් පමණක් නොව අධ්‍යාත්මික වශයෙන්ද ගොඩනැඟීම සඳහා ශ්‍රද්ධාව මෙන්ම, ප්‍රඥාවද ලබාදිය යුතුය. මේ සඳහා මාපිය-දූදරු, සැමියා-බිරිඳ, ගුරු-සිසු, සේව්‍ය-සේවක, පාලක-පාලිත, ආදී සියළුම සබඳතා යහපත් සහ ඵලදායී ඒවා බවට පත්කර අසහනය හා අවිශ්වාසය හදවත් තුළින් ඉවත් කළ යුතුය. එමඟින් ආර්ථික සංවර්ධනයට සමගාමීව සමාජ සංවර්ධනයක් ද ඇති කර සුරක්ෂිත සමාජයක් රට තුළ ගොඩනැගීම අපේක්ෂා කෙරේ.
 
02.ජාතික වැඩසටහනේ අරමුණු
ජාතිකාභිමානීය හැඟීම් ගොඩනැංවීම.
ස්වයං විනයක් සහිත සමාජයක් බිහිකිරීම.
පරිසරය සමඟ සහජීවනයෙන් කටයුතු කිරීම.
 
03.ඉලක්ක ගත කණ්ඩායම්
පවුල් ඒකකයේ සාමාජිකයන්
පාසල්, දහම් පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ප්‍රජාව
විශ්ව විද්‍යාල, වෘත්තීය අධයාපන, උසස් අධ්‍යාපන ආයතන වල ශිෂ්‍ය ප්‍රජාව
රජයේ, පෞද්ගලික, ස්වයං රැකියා සහ විශ්‍රාමික පිරිස්
ප්‍රජා හා ස්වේච්ඡා සංවිධාන, සමෘද්ධි හා යෞවන සමාජ, ජනසභා, සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන්
 
04.ක්‍රියාකාරකම්
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් දැනුවත් කිරීම.
දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම.
අත්පත්‍රිකා/ ප්‍රකාශන බෙදාහැරීම.
පෝස්ටර්/ බැනර් ප්‍රදර්ශනය කිරීම
ප්‍රජා මූලික වැඩසටහන් පැවැත්වීම
මාපිය, ගුරුවර හා වැඩිහිටි උපදේශනය
වෙනත් විවිධ ක්‍රියාකාරකම්
 
05.මාධ්‍ය භාවිතය
  රාජ්‍ය රූපවාහිනී මාධ්‍ය/ ගුවන් විදුලි මාධ්‍ය
 
යහපත් ආකල්ප සමාජය තුළ වර්ධනය කිරීමට පෙළඹෙන ආකාරයේ වැඩසටහන් නිර්මාණය කිරීමට රාජ්‍ය මාධ්‍ය ආයතන පෙළ ගැස්වීම.
යහපත් ආකල්ප සමාජ ගත කළ හැකි ආකාරයට කාලීන වැඩසටහන් ඉදිරිපත් කිරීමට පෙළඹවීම සඳහා ආචාරධර්ම පද්ධතියක් ඇති කිරීම.
යහපත් ආකල්ප වර්ධනයට හා ශ්‍රී ලාංකික සංස්කෘතියට නොගැලපෙන හා හානිකර වැඩසටහන් සම්බන්ධයෙන් සීමා පැනවීම
පරිසරය හා සහජීවනයෙන් කටයුතු කළ හැකි සමාජයක් බිහිකිරීමට  අවශ්‍ය පෙළඹවීම ලබාදෙන වැඩසටහන් ඉදිරිපත් කිරීම.
ජාතිකාභිමානය වර්ධනය කෙරෙන වැඩසටහන් හැකිතරම් ඉදිරිපත් කිරීම.
ප්‍රජාව තුළ ස්වයං විනය ගොඩනැංවෙන ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කිරීම.
ජාතික, ආගමික හා සංස්කෘතික සමගිය හා සංහිඳියාව ඇති කරවන වැඩසටහන් නිරතුරුව විකාශනය කිරීම.
  පෞද්ගලික රූපවාහිනී/ ගුවන් විදුලි මාධ්‍ය
 
ජාතික අභිමානය, ස්වයං විනය, සමාජ සාරධර්ම ඉස්මතු වන ආකාරයේ වැඩසටහන් විකාශනයට ප්‍රමුඛත්වය දිම.
පාසල් ළමයින් හා සමාජයේ වැඩිහිටියන් වෙනුවෙන් යහපත් ආකල්ප වර්ධන වැඩසටහන් විකාශනය කිරීම.
පාසල් ළමුන් තුළ පරිසරය පිළිබඳ සංවේදී බව වැඩි කළ හැකි වැඩසටහන් විකාශනය කිරීම.
  යහපැවැත්ම සඳහා ස්වයං විනයේ වැදගත්කම පහදා දෙන වැඩසටහන් විකාශනය කිරීම.
කුඩා ළමුන්ට සුදුසු පරිදි කාටුන් වැඩසටහන් වැනි වැඩසටහන් වලින් යහපත් ආකල්ප පිළිබඳ අවබෝධය ලබාදීම.
  මුද්‍රිත මාධ්‍ය
 
සියලුම පුවත්පත්, සඟරා ආදිය මඟින් යහපත් ආකල්ප හා ස්වයං විනය වර්ධනය වන ලිපි පළකිරීම
ජාතිකාභිමානය ගොඩනැංවෙන ලිපි ලේඛන පළකිරීම
යහපත් චින්තනය, යහපත් ආකල්ප, ජාතිකාභිමානය පිළිබඳ සාකච්ඡා කරන ළමා පුවත්පත් ප්‍රකාශනයට පත්කිරීම.
  මෙම වැඩසටහන් ඇගයීම සහ පසුවිපරම සඳහා සංවාද මණ්ඩපයක් මාධ්‍ය තුළ ගොඩනැගීම.
අත් පත්‍රිකා, පොත් සළකුණු, ස්ටිකර් ආදිය මුද්‍රණය  කර බෙදා දීම.
  ලේඛකයන් සහ මුද්‍රණකරුවන්
 
කුඩා දරුවාගේ සිට විශ්‍රාමිකයා දක්වා යහපත් ආකල්ප ගොඩනැංවෙන පරිදි විවිධ පොත්පත් ප්‍රකාශයට පත්කිරීමට උනන්දු කරවීම.
ජාතිකාභිමානය, ස්වයං විනය ඉස්මතුවන ආකාරයේ දින දර්ශන, පත්‍රිකා ආදිය නිර්මාණය කිරීමට පෙළඹවීම.
ළමයින්ගේ යහපත් ආකල්ප වර්ධනයට සුදුසු පින්තූර ආදිය ආශ්‍රයෙන් පොත්පත්  නිර්මාණය කිරීම
එවැනි යහපත් නිර්මාණයන් ජනප්‍රිය කරවීමෙන් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වර්ධනය වීමට මඟ පෑදීම හා ඔවුන්ට සම්මාන/ ත්‍යාග ආදිය පිරිනැමීම.
  දේශන සහ ප්‍රජාමූල වැඩසටහන්
 
විවිධ වයස් තලයන් සඳහා විද්වත් දේශන හා ප්‍රජාමූල වැඩසටහන් තුළින් ආකල්ප වර්ධන වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම.
 
06.වැඩසටහනට මූලික වශයෙන් දායකවන රාජ්‍ය ආයතන
අධ්‍යාපන අමාත්‍යාංශය (සියලුම පාසල්/ ජාතික අධ්‍යාපන ආයතන)
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (විශ්ව විද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන)
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය (දිස්ත්‍රික් ලේකම් හා ප්‍රා.ලේ. කාර්යාල/ ශ්‍රී ලං.සං.පරි. ආයතනය)
බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය (සියලුම ආගමික ආයතන හා සංවිධාන)
ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය (සංස්කෘතික දෙපාර්තමේන්තුව/ සංස්කෘතික මධ්‍යස්ථානය)
යෞවන කටයුතු අමාත්‍යාංශය (ජාතික තරුණ සේවා සභාව)
පරිසර අමාත්‍යාංශය (මධ්‍යම පරිසර අධිකාරිය/ පරිසර සංවිධාන)
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය (සමෘද්ධි අංශය)
ප්‍රවාහන අමාත්‍යංශය (දුම්රිය/ ශ්‍රි ලංගම/ පෞද්ගලික ප්‍රවාහන සමාගම්)
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය (ශ්‍රී ලංකා පොලිසිය)
සෞඛය අමාත්‍යාංශය (සෞඛ්‍ය දෙපා./ සියළුම රෝහල්)
ජනමාධ්‍ය අමාත්‍යාංශය (ජනමාධ්‍ය ආයතන)
කම්කරු හා ඵලදායිතා වර්ධන අමාත්‍යාංශය (ඵලදායිතා ලේකම් කාරයාලය/ ශ්‍රම අධ්‍යාපන ආයතන)
  (අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල සහයෝගය ද අපේක්ෂා කෙරේ.)
යහපත් ආකල්ප වර්ධන වැඩසටහන යටතේ මෙතක් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්්
 
  දැයට කිරුළ ප්‍රදර්ශනය හා සමගාමීව මොණරාගල දිස්ත්‍රික්කෙය් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර යහපත් ආකල්ප වර්ධන කිරිම යන තේමාව යටෙත් රචනා හා චිත්‍ර තරගයක් පවත්වන ලදී.
  “පිරිසිදු නිරතුරු - රකිනු මැන සුමිතුරු” යන තේමාව මුලික කරෙගන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පිරිසිදුකම පවත්වා ගැනීම පිළිබද වැඩසටහන් මාලාවක් දියත් කෙරුණි.
  යහපත් අාකල්ප නංවාලීමේ අරමුණ පෙරදැරිව කොටස් 12 කින් යුත් එකාංගික රූපවාහිනි ටෙලිනාට්‍ය මාලාවක් “පියගැටෙපළ” නමින් නිර්මාණය කර ඇත. මේ වන විට එය ජාතික නාලිකාව ඔස්සේ විකාශනය වේ.
  සිරිත් මල්දම් කාව්‍ය සංග්‍රහය රූප කාව්‍යක් ලෙස සංයුක්ත තැටියක් නිර්මාණය කර ලංකාවේ සියළුම පාසල් සදහා නොමිලයේ බෙදා දී ඇත. ඉදිරියේ දී මේ සම්බන්ධ විවිධ වැඩසටහන් දියත් කිරිමට බලාපොරොත්තු වේ.
  යාපනය දිස්ත්‍රික්කෙය් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමව්පියන්, ගරුවරුන් සදහා යහපත් ආකල්ප වර්ධනය කිරිමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරුණි.
  රූපවාහිනීය මාධ්‍ය ඔස්සේ කෙටි රූප රාමු (Video Clips) මගින් යහපත් අාකල්ප වර්ධනය කිරිමේ පණිවිඩ මහජනතාවට ලබා දිමේ වැඩසටහනක් නිර්මාණය වෙමින් පවතී.
යහපත් ආකල්ප තේමා කරගත් රූපවාහිනි මාධ්‍යයන් තුළ ප්‍රචාරණය කිරිම සදහා වෙළද දැන්විමක් මේ වනවිට නිර්මාණය කරමින් පවති.
 
 
 
 
 
කතුහිමිකම © 2011,අග්‍රාමාත්‍ය කාර්යාලය ශ්‍රී ලංකාව.
සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය.