 |
|
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාව තුළ දෙවන ප්‍රධානතම කාර්යාලය වශයෙන්අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මඟ පෙන්වීම. |
 |
ගරු අග්‍රාමාත්‍යතුමා මුලසුන හොබවන විවිධ කමිටු හා රැස්වීම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම හා සම්බන්ධීකරණය. |
 |
රාජ්‍ය අංශය සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කර ගනිමින් මහජනතාවට ප්‍රශස්ත සේවාවක් සැපයීම. |
 |
ගරු අග්‍රාමාත්‍යතුමා හට විදේශ දූත මණ්ඩලල විදේශ තානාපති සේවයේ නිලධාරීන් සමඟ සම්බන්ධතා පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සළසාදීම. |
|
පාර්ලිමේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීම, රජයේ ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාවට නැංවීමට පූර්ණ සහය ලබාදීම. |
 |
ගරු අග්‍රාමාත්‍යතුමා මඟින් යොමු කරන පාර්ලිමේන්තු පනත් කෙටුම්පත්වලට සම්බන්ධ කටයුතු ඉටු කිරීම. |
 |
දකුණු ආසියාතික කලාපයේ සමාජ ප්‍රඥප්තියේ ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධ කටයුතු නියාමනය කිරීම හා පසු විපරම් කිරීම. |
|
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා රාජ්‍ය නිලධාරීන් හට විවිධ කටයුතු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරව යාම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවසරය ලබාදීම. |
 |
ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වන රාජ්‍ය හා ජාතික උත්සව සහ විශේෂ අවස්ථා සඳහා මාධ්‍ය ආවරණ කටයුතු ඉටු කිරීම. |
|
අග්‍රාමාත්‍ය කාර්යාලයට අදාළ පරිපාලන හා සංවර්ධන කටයුතු ඉටු කිරීම. |
 |
නිලධාරීන් පුහුණු කිරීම හා දිරි ගැන්වීමේ වැඩපිළිවෙල් ක්‍රියාත්මක කිරීම. |
 |
අග්‍රාමාත්‍ය කාර්යාලයල ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිළ නිවාස සහ සජචාරක බංගලා ආදියේ නඩත්තු කටයුතු. |
 |
විවිධ සමාජ සත්කාරක සේවාවන් සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම. |
 |
ආර්ථික සංවර්ධනයත් සමඟ උත්තරීතර සමාජයක් උදෙසා ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ යහපත් ආකල්ප වර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම. |