Sinhala Fonts Tamil Fonts
 
 
 
 
 
සිරිසේන අමරසේකර මැතිතුමා
2010 වසරේ අප්‍රේල් මස 22 වන දින එස්. අමරසේකර මැතිතුමා අග්‍රාමාත්‍ය ලේකම් තනතුරට පත් කරන ලදී. මෙම පත්වීමට පෙර එතුමා කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍යාංශ ලේකම් වශයෙන් සේවය කළේය.පුරා හතලිස් වසරකට අධික සේවා ඉතිහාසයක් හිමි අමරසේකර මැතිතුමා ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ ජ්‍යෙෂ්ඨතම ‍සාමාජිකයෙක් වන අතරම අමාත්‍යාංශ ලේකම්වරයෙක් වශයෙන් වසර 11ක් ද ඇතුළුව රාජ්‍ය ආයතන ගණනාවක ඉහල තනතුරු රාශියක් හොබවා ඇත.
මෙම කාල සීමාව තුළ අමරසේකර මැතිතුමා විසින් පහත සඳහන් අමාත්‍යාංශවල ලේකම් වශයෙන් කටයුතු කළේය.
කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍යාංශය
මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යාංශය
බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය
වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය
ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
සිය ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය මිද්දෙණිය මහා විද්‍යාලයෙන් සම්පූර්ණ කළ අමරසේකර මැතිතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වීම සඳහා සුදුසුකම් ලැබූ අතර,1969වසරේ දී වානිජවේදී විෂය ධාරාවෙන් දෙවන පෙළ ඉහල සාමාර්ථයක් ලබාගත්තේය. 1970වසරේදී ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයට එක්වූ මෙතුමා එවකට ක්‍රමසම්පාදන සහ සේවා නියුක්තික අමාත්‍යාංශයේ ක්‍රමසම්පාදන නිලධාරියෙකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළේ ය.
තරුණ තරුණියන් පෙළෙන සේවා නියුක්ති ගැටළුවට පිළියමක් ලෙස එවක රජයෙහි ප්‍රමුඛත්වය හිමි වූ ප්‍රාදේශීය සංවර්ධන සභා වැඩසටහනේ මොනරාගල දිස්ත්‍රික් සැලසුම් ඒකකයේ ප්‍රධානියා ලෙස 1973 වසරේ දී මෙතුමාව පත් කරන ලදි.  මෙම වැඩසටහන යටතේ වියළි කලාපය සඳහා වැසි ජලයෙන් උක් වගා කිරීම හඳුන්වාදීමට ඔහු පෙරමුණ ගෙන කටයුතු කළේ ය.ස්විඩනයේ ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය මගින් අරමුදල් සපයන ලද සමෝධානිත ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ (IRDP) මාතර දිස්ත්‍රික් අධ්‍යක්ෂ වශයෙන් එතුමා 1982 වසරේ සිට 1991 වසර දක්වා සේවය කළේ ය.එහිදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී  ක්‍රියාත්මක කිරීමේදී මෙන් ම අධීක්ෂණය කිරීමේදී ඔහු ප්‍රතිලාභීන්ගේ සහභාගිත්වය ඉහල නැංවීම සඳහා නව්‍යකරණ ව්‍යාපෘති හඳුන්වා දී ක්‍රියාත්මක කළේය.  අනතුරුව එතුමා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාං‍ශයේ අතිරේක අධ්‍යක්ෂ මෙන්ම අධ්‍යක්ෂ ජනරාල්  (ප්‍රාදේශීය සංවර්ධන) යන තනතුරු ද හෙබවීය. 
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ සේවය කළ කාලය තුළ එතුමා රාජ්‍ය අනුග්‍රහය මත ක්‍රියාත්මක කරන ලද සමෝධානිත ග්‍රාමීය සංවර්ධන ජාතික වැඩසටහන (IRDP)සහ වෙනත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්වලට සහභාගීත්ව සැලසුම් ශිල්පීය ක්‍රම ඇතුළත් කිරීම සඳහා මුල් වී කටයුතු කළේය.මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් අධිවේගී මාර්ග,ගුවන් පාලම් ඉදිකිරීම මෙන්ම ග්‍රාමීයමාර්ග සංවර්ධනය සඳහා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඇතුළත්ව දස අවුරුදු මහා පරිමාණ සැලැස්ම යටතේ දීප ව්‍යාප්ත නවීන මාර්ග ජාලය සංවර්ධනය කිරීම සඳහා එතුමා මුල් වී කටයුතු කළේය. රාජ්‍ය සේවයේ තනතුරුවලට අමතරව දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්,  නාගරික සංවර්ධන අධිකාරියේ මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ සහ කෘෂිකර්ම පර්යේෂණ සහ පුහුණු ආයතනයේ සහ කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සභාපති වශයෙන් ඊට සමගාමීව වෙනත් තනතුරු ද හෙබවීය.
 
එමෙන් ම අමරසේකර මැතිතුමා රාජ්‍ය සංස්ථා මෙන්ම ව්‍යවස්ථාපිත මණ්ඩල ගණනාවක (ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, මහවැලි සංවර්ධන අධිකාරිය) සාමාජිකයෙක් වශයෙන් ද සේවය කළේය. රාජ්‍ය ආයතනවලට අමතරව අමරසේකර මැතිතුමා සාමාජිකයෙක් වශයෙන්  “ද මහලි හෝල්ඩින්ග්ස් සහ සමාගමේ” සභාපති වශයෙන් ද සේවය කළේ ය. එක්සත් රාජධානියේ බාත් විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ‍පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කළ අමරසේකර මැතිතුමා එක්සත් ජනපදයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයෙන් සහ ජපානයේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයෙන් ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සහ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව වෘත්තීය පුහුණුව ද ලබාගෙන ඇත.
 
ප්‍රාදේශීය සහ ග්‍රාමීය සංවර්ධන සැලසුම්කරුවෙකු ලෙස අත්දැකීම් සම්භාරයක් ඇති සැලසුම්කරුවෙකු වූ අමරසේකර මැතිතුමා ශ්‍රී ලංකාවේ වාරප්‍රසාද නොලත් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා විවිධ මාර්ගවලින් දායක වී ඇත. මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය මගින් අරමුදල් සපයන ලද “ඇඩ්ඩු ඇටොල්” සංවර්ධන සැලැස්ම පිළියෙල කිරීම සඳහා මාලදිවයින් රජයේ ඇටොල් පරිපාලනය පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු වශයෙන් ද එතුමා කටයුතු කර ඇත. විවිධ රටවල් හා අරමුදල් සපයන ආයතන වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලංකික නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීමට අමතරව මෙතුමා සිය දීර්ඝකාලීන රාජ්‍ය සේවය තුළ විවිධ ජාත්‍යන්තර සමුළු, වැඩමුළු, සම්මන්ත්‍රණ ආදිය සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයෙකු වශයෙන් සහභාගිවී ඇත.
 
 
 
එස්. එස්. මියනවල මැතිතුමා
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන එස්. එස්. මියනවල මැතිතුමා 2008 මැයි  23 වන දින අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් තනතුරෙහි රාජකාරි භාරගත්තේය. පිළිවෙළින් 1970 සහ 1980 යන වසරවලදී කැළණිය විශ්ව විද්‍යාලයෙන් ජර්මන් භාෂාව පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධියද, භූගෝල විද්‍යාව පිළිබඳව ගෞරව උපාධියද ලබාගත්තේය. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් පිරිනමනු ලබන එක් අවුරුදු
පාඨමාලාවක් වන වෘත්තීය ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව ද රාජ්‍ය පරිපාලනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව ද එතුමාගේ අතිරේක සුදුසුකම් අතරට එක්වේ. එතුමා මේ වනවිට සංවර්ධන පරිපාලන ආයතනය මගින් පිරිනමනු ලබන රාජ්‍ය කළමනාකරණ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරමින් සිටී. මියනවල මැතිතුමා 1982 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ අතර මඩකලපුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල සහකාර ඉඩම් කොමසාරිස් ලෙස ද ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල සහකාර රබර් පාලනාධිකාරී වශයෙන් ද සේවය කළේ ය. එතුමා වසර දොළහක කාලයක් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ අමාත්‍ය මණ්ඩල සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සහකාර ලේකම්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන තනතුරු හෙබවීය. මීට සමගාමීව රේගු සහ  සුරාබදු යන දෙපාර්තමේන්තුවල සහකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද සේවය කළේ ය.
2002/2003 යන දෑවුරුදු කාල සීමාව තුළ එතුමා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වෙනුවෙන් කළමනාකරණ/ විගණන විමසුම් සඳහා කයිරෝ, දොහා/ කටාර්, ඩුබායි, අබුඩාබි සහ මස්කට්/ ඕමාන් යන ශ්‍රී ලංකා දූත මණ්ඩල වෙත සංචාරය කළේ ය. 1992 වසරේ ජපානයේ පැවති ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳ දෙවසරක වැඩමුළුවකටද 2005 වසරේ දී ඉන්දියාවේ පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ වැඩසටහනකට ද මෙතුමා සහභාගි වී ඇත. ‍එමෙන්ම එතුමා නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ලක්ෂම්බර්ග් සහ ස්විස්ටර්ලන්තය යන රටවල් සඳහා අධ්‍යයන චාරිකාවක් සමගින් 2007 වසරේ දී ඉන්දියාවේ පැවති දෙමසක උසස් කළමනාකරණ වැඩසටහනට ද සහභාගි විය.
 

එමෙන්ම 2008 වසරේදී ඉන්දියාවේ (ASCI) හි දී පැවති ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහ නායකත්ව වැඩසටහනට ද 2009 වසරේ දී සිංගප්පූරුවේ රාජ්‍ය සේවා විද්‍යාලයේ පැවති රාජ්‍ය පරිපාලනය සහ පාලනය පිළිබඳ වැඩසටහනට ද සහභාගි විය. එමෙන්ම 2009  වසරේදී  (ASCI) සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සම අනුග්‍රාහකත්වයෙන්)  ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සඳහා පැවති ප්‍රජාපාලනයේ නව්‍යකරණයන් නැමති වැඩසටහනට ද සහභාගි විය. ඊට අමතරව ගත වූ වසර ගණනාව මුළුල්ලේ දිස්ත්‍රික් සංවර්ධන පරිපාලනය, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් පැවැත් වූ පොදු කළමනාකරණ සහ විනය පරිපාටිය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවට ද ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය මත පැවැත්වූ ව්‍යාපෘති සම්පාදන වැඩසටහනට ද සහභාගි වී ඇත.මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සේවය කරමින් සිටින අතරතුර එතුමා සාගිනි පිටුදැකීමේ ජාතික ව්‍යාපාරය, ජාතික ජලජ සම්පත් නියෝජිතායතනය  (NARA) සහ පසු අස්වනු තාක්ෂණ ආයතනය යන ආයතනවල කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් ද කටයුතු කර ඇත.

 
ඒ. එල්. ජයරත්න මැතිතුමා
ගරු අග්‍රාමාත්‍යතුමා වන දි.මු. ජයරත්න මැතිතුමාගේ සහ ජයරත්න මැතිණියගේ දයාබර පුතුණුවන් වන අනුරාධ ලංකා ජයරත්න මැතිතුමා 1985 වසරේ දෙසැම්බර් 22 වන දින මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව නැමති සුන්දර ගම්මානයේ උපත ලැබී ය. සිය ප්‍රාථමික අධ්‍යාපනය මහනුවර ට්‍රිනිටි විද්‍යාලයෙන් ආරම්භ කළ එතුමා අනතුරුව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් ව සිය ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය එහි දී සම්පූර්ණ කළේ ය.
දීප්තිමත් සිසුවෙකු වූ අනුරාධ, සහෝදර ශිෂ්‍යයන් අතර මෙන් ම ගුරුභවතුන් අතර ද ජනප්‍රිය වූවා මෙන් ම සෞන්දර්ය විෂයන්වලට මෙන් ම විද්‍යා විෂයන්වලට ද වැඩි කැමැත්තක් දැක්වීය. ඔහු ත්‍රිත්ව විද්‍යාලයීය පැසි පන්දු කණ්ඩායම ද හොකී කණ්ඩායම ද (NCC) ක්‍රීඩා සමාජය ද නියෝජනය කළේ ය. 2004 වසරේ දී ඔහු සිය ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළ අතර නීතිවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා වරම් ලද්දේය. විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නිමාවීමෙන් පසුව ඔහු 2007 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණි අතර මව්බිමට සේවය කිරීමේ අභිලාෂයෙන් 2008 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් විය. අනුරාධ ලංකා ජයරත්න මහතා දැනට ගරු අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් වශයෙන් සේවය කරමින් සිටී.
 
 
අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය
 
 
නම සහ තනතුර
දුරකථන අංකය
විද්‍යුත් තැපෑල
පෞද්ගලික ලේකම්
ඒ.එල්. ජයරත්න මහතා
දුර : (+94) 11 2375442 anuradha@ pmoffice.gov.lk
සම්බන්ධීකරණ ලේකම්
අමිල සුදේහ පියසිංහ මහතා
දුර : (+94) 112565607
Mobile : (+94) 718334455
ෆැක්ස් : (+94) 112565608
amila.sudeha@ pmoffice.gov.lk

සම්බන්ධීකරණ  ලේකම් 
ධර්මරත්න හේරත් මහතා
දුර : (+94) 11 2372395
ෆැක්ස්: (+94) 11 2565447
Dharma_herath@ pmoffice.gov.lk

සම්බන්ධීකරණ ලේකම් 
කසුන් රවීන්ද දිසානායක මහතා   
දුර : (+94) 11 2777212
ෆැක්ස්: (+94) 11 2777214
kasun@ pmoffice.gov.lk

මාධ්‍ය ලේකම් 
සිසිර විජේසිංහ මහතා
දුර: (+94) 11 2573586
ෆැක්ස්: (+94) 11 2577105
sisira@ pmoffice.gov.lk

මහජන සම්බන්ධතාලේකම් 
කේ.ඒ. ධර්මසේන මහතා
දුර : (+94) 11 2574342
ෆැක්ස් :(+94) 11 2372391
dharmasenaka@ pmoffice.gov.lk
 
 
ස්ථිර කාර්ය මණ්ඩලය
 
නම සහ තනතුර
දුරකථන අංකය
විද්‍යුත් තැපෑල

අග්‍රාමාත්‍ය ලේකම්
සිරිසේන අමසේකර මහතා
දුර : (+94) 11 2575311
ෆැක්ස්: (+94) 11 2575310
secpm@sltnet.lk
secpm@pmoffice.gov.lk
අතරේක ලේකම්
එස්.එස්. මියනවල මහතා
දුර : (+94) 11 2573836
ෆැක්ස් : (+94) 11 2372326
miyanawala@ pmoffice.gov.lk
ජ්‍යෙෂ්ඨ  සහකාර ලේකම්
ජේ.එම්. මංගලතිස්ස මහතා
දුර : (+94) 11 2370955
ෆැක්ස් : (+94) 11 2575312
mangala@ pmoffice.gov.lk
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
එම්.එච්.ජී. බණ්ඩාර මහතා
දුර : (+94) 11 2575411
ෆැක්ස් : (+94) 11 2575454
mapabandara@ pmoffice.gov.lk
ගණකාධිකාරි
ආර්.එස්. සුමනසීලී මහත්මිය
දුර : (+94) 11 2575314
ෆැක්ස්: (+94) 11 2575314
accsum@ pmoffice.gov.lk
සහකාර ලේකම්
ටී.ටී. උපුල්මලී මහත්මිය
දුර : (+94) 11 2372546
ෆැක්ස් : (+94) 11 2575454
upuli@ pmoffice.gov. lk
සහකාර ලේකම්
එන්.ඩබි. ආරියරත්න මහතා
දුර : (+94) 11 2576483
ෆැක්ස් : (+94) 11 2575454
wasantha@ pmoffice.gov.lk
සහකාර ලේකම්
පී.පී.එස්.ආර්. ද සිල්වා මහතා
දුර : (+94) 11 2372116
ෆැක්ස් : (+94) 11 2575454
rohana@ pmoffice.gov.lk
සහකාර ලේකම්
සී.එස්. කරුණාතිලක මහත්මිය
දුර : (+94) 11 2372736
ෆැක්ස් : (+94) 11 2575454
 
ගණකාධිකාරි
එම්.පී.ඩී.පී.පතිරන මිය
දුර : (+94) 11 2372736
ෆැක්ස් : (+94) 11 2575454
pathirana@pmoffice.gov.lk
සහකාර ලේකම්
එල්.ඒ.ජී.කේ.ජයසිංහ මිය
දුර : (+94) 11 2372390
ෆැක්ස් : (+94) 11 2575454
kaushalya@pmoffice.gov.lk
සම්බන්ධීකරණ ලේකම්
රේණුකා ඩයස් මහත්මිය
දුර : (+94) 11 2573799
ෆැක්ස් : (+94) 11 2575454
renukadias@ pmoffice.gov.lk
පරිපාලන නිලධාරි
ඩබ්.ඒ.විජේසිංහ මහතා
දුර : (+94) 11 2576565
ෆැක්ස් : (+94) 11 2575454
භාෂා පරිවර්තක (ඉංග්‍රීසි)
 
දුර : (+94) 11 2575317
ෆැක්ස් : (+94) 11 2575454
 
භාෂා පරිවර්තක (දෙමළ)
ඒ.එස්.එම්. ජිෆ්රි මහතා
දුර : (+94) 11 2575317
ෆැක්ස් : (+94) 11 2575454
 
 
 
 
 
 
 
කතුහිමිකම © 2011,අග්‍රාමාත්‍ය කාර්යාලය ශ්‍රී ලංකාව.
සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය.